නවසීලන්ත කි.ග්‍රෑ. 85න් පහළ රග්බි කණ්ඩායම යළිත් ශ්‍රී ලංකාවේ සංචාරයක

නවසීලන්ත කි.ග්‍රෑ. 85න් පහළ රග්බි කණ්ඩායම යළිත් ශ්‍රී ලංකාවේ සංචාරයක

February 27, 2026   04:57 pm

නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ රග්බි කණ්ඩායම එළැඹෙන අප්‍රේල් මාසයේ දී යළිත් වරක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වන බව එරට රග්බි ආයතනය අද (27) නිවේදනය කළේය.

2011 රග්බි ලෝක කුසලානය දිනූ නවසීලන්ත නායකයා වන 'ශ්‍රීමත් ග්‍රැහැම් හෙන්රි' කුසලානය වෙනුවෙන් මෙවරත් තරගාවලිය පැවැත්වේ. 

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමගින් පැවැත්වෙන මෙම සංචාරය තරග 2කින් සමන්විතය.

ඉන් පළමු තරගය අප්‍රේල් 25 වැනිදා කොළඹදී පැවැත්වෙන අතර, දෙවන තරගය මැයි 3 වැනිදා මහනුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ කණ්ඩායමට එරට ජාතික කණ්ඩායම එක් තරගයක් හෝ ක්‍රීඩාකළ ක්‍රීඩකයෙකු ඇතුළත් නොවන බව සඳහන්ය.

මේ අතර මෙම සංචාරයට නවසීලන්ත හිටපු රග්බි නායකයෙකු වන කියෙරාන් රීඩ් මහතා නවසීලන්ත රග්බි තානාපතිවරයෙකු ලෙස මෙම සංචාරයට එක්වීමට නියමිත බවද වාර්තාවේ.

එමෙන්ම නවසීලන්ත හිටපු ක්‍රීඩකයෙකු වන ප්‍රොප් ජෝන් අෆෝවා මෙහි සහකාර පුහුණුකරුවෙකු ලෙසද පැමිණීමට නියමිතය.